දිවයින අවට මුහුද සදහා කාලගුණ අනාවැකිය
blinking red light alert

ADVISORY

2024-04-19

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 37.6°C
Vavuniya
min temperature
Min. Temperature 11.0°C
Nuwara Eliya
max rain
Max. Rainfall 80.4mm
Handanagala (Monaragala)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2024 අප්‍රේල් මස 19 දිනමධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:

පුත්තලම සිට  කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී   ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:

සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.