2024 මැයි මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය
2024 මැයි මස 05 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි.
බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
වයඹ පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වාවෙරළබඩ ප්‍රදේශවල උදෑසනකාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.