කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැරඹීම හා දේශණ වලට සහභාගි වීම සඳහා අවසර ලබා ගැනීම

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 37.8°C
Monaragala
min temperature
Min. Temperature 14.6°C
Nuwara Eliya
max rain
Max. Rainfall 11.8mm
Monaragala Water Supply

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැරඹීම හා දේශණ වලට සහභාගි වීම සඳහා

අවසර ලබා ගැනීම

 

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැරඹීම සහ දේශණ වලට සහභාගී වීම සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු අතර ඒ සඳහා පහත සඳහන් ආකෘතියට අනුව සකස් කල අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පූර්ව අනුමැතිය ලබා ගත හැකිවේ.

අවසර ලබා දෙන පාර්ශවයන්:
පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, ත්‍රිවිධ හමුදා සහ පොලීසිය, රාජ්‍ය හා පුද්ගලික ආයතන, සහ අනෙකුත් පෞද්ගලික කණ්ඩායම්

දේශන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්:
සති අන්තයේ දින සහ රජයේ නිවාඩු දින හැර අනෙකුත් සතියේ දිනවල පෙ.ව. 9.00 පෙ.ව. 11.00 සහ ප.ව. 1.00 වශයෙන් දේශන වාර 3 ක් පැවැත්වේ.

අවසර ලබාගතයුතු ආකාරය:
දේශන සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ආයතන ප්‍රධානියාගේ අත්සනින් යුතුව අයදුම්පත ඉදිරිපත් කලයුතු අතර එය පැමිණිමට බලාපොරොත්තු වන දිනයට අවම වශයෙන් දින 14 කට පෙර ඉදිරිපත් කිරීමෙන් අපහසුතාවයකින් තොරව ඔබගේ අපේක්‍ෂිත දිනයම ලබා ගැනීමට හැකි වේ. අදාල අයදුම්පත සාමාන්‍ය තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් එවිය හැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ රේඩාර් අංශය වෙත ගෙනැවිත් භාර දීමද සිදුකල හැක. දුරකතනය හරහා දින වෙන් කල නොහැකිය.

ඒ සඳහා භාවිතා කලයුතු තැපැල් ලිපිනය:

අධ්‍යක්‍ෂ ජනරාල්,
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,
අංක 383, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

ඒ සඳහා භාවිතා කලයුතු විද්‍යුත් තැපැල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විශේෂයිඃ
■ අයදුම්පත විද්‍යුත් තැපෑලෙන් හෝ ගෙනැවිත් භාර දීමෙන් ප්‍රමාදයකින් තොරව දිනය සහ වේලාව වෙන්කර ගත හැකිවනු ඇත.
■ ඔබ විසින් ඉල්ලා සිටින දිනය හා වේලාව ඊට පෙර වෙනත් අයකු විසින් වෙන් කර ගෙන නොමැතිනම් පමණක් ඔබට අවස්ථාව හිමිවේ.
■ අවසර ලබා දීමේ ලිපියක් අප විසින් ඔබ වෙත විද්‍යුත් තැපෑල මගින් එවනු ලැබේ. එබැවින් විද්‍යුත් තැපැල් ලිපිනයක් සඳහන් කිරීම අත්‍යාවශ්‍ය වේ.
■ මෙම දේශණ වාර වලට අමතරව අතර මැද දේශන නොපැවැත්වෙන අතර එවැනි අතරමැද දේශන සඳහා ඉල්ලීම් කිරීමෙන් වලකින්න.
■ දිනයක් සහ වේලාවක් වෙන් කරගත් පසු එම නියමිත වේලාවටම ඔබ දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණිය යුතු අතර ප්‍රමාද වී පැමිණීම ඔබේ දේශණ වාරය අහිමි වීමට හේතු වේ.
■ වැඩිදුර විස්තර සඳහා 011 2694846 (දුරකථන දිගුව 607) අංකයට ඇමතුමක් ලබා දෙන්න.

 

අයදුම්පත භාගත කිරීම සඳහා