බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය
උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශ සඳහා
(2024 දෙසැම්බර් මස 12 දිනපෙ.ව. 07.00 ට ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදි.)
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුල බටහිරට බරව වයඹ දෙසට සෙමින් ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
කාලගුණික තත්ත්වය:
02N -12N, 80E-85E : බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
EQ -12N, 85E-100E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිත
සුළං තත්ත්වය:
04N-18N, 80E-90E :ඊසාන දෙසින් හෝ නැගෙනහිර දෙසින් /පැ.කි.මී. (30-40), විටින් විට පැ.කි.මී. 50 දක්වා.
EQ-05N, 80E-90E :බස්නාහිර සිට වයඹ දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (30-40), විටින් විට පැ.කි.මී. 50 දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ :ඊසාන දෙසින් හෝ නැගෙනහිර දෙසින් / පැ.කි.මී. (25-35).
මුහුදේ ස්වභාවය:
EQ-18N, 80E-90E : මඳ වශයෙන් රළු සිට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු.
අරාබි මුහුද
කාලගුණික තත්ත්වය:
EQ- 10N, 60E-80E : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ප්‍රධාන වශයෙන් වැසි රහිත.
සුළං තත්ත්වය:
05N-10N, 75E-80E : වයඹ සිට බස්නාහිර දක්වා වන දිශාවලින් / පැ.කි.මී. (30-40), විටින් විට පැ.කි.මී. (50-60) දක්වා.
10N-20N, 60E-75E : ඊසාන දෙසින් / පැ.කි.මී. (25-35), විටින් විට පැ.කි.මී.45 දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ :වයඹ දෙසින් හෝ ඊසානදෙසින් / පැ.කි.මී. (25-35).
මුහුදේ ස්වභාවය:
05N-10N, 75E-80E : මඳ වශයෙන් රළු සිට තරමක් රළු, විටින් විට රළු දක්වා.
10N-20N, 60E-75E : මඳ වශයෙන් රළු සිට තරමක් රළු.
සෙසු මුහුදු ප්‍රදේශ : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු.
දකුණු ඉන්දියානු සාගරය
කාලගුණික තත්ත්වය
03S- 10S, 60E-100E : බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
EQ- 03S, 70E-85E : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සෙසු මුහුදු ප්‍රදේශ : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.
සුළංතත්ත්වය:
EQ-08S, 80E-100E :නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින් / පැ.කි.මී. (40-50) ), විටින් විට පැ.කි.මී. (60-65) දක්වා.
03S-10S, 70E-80E :නිරිත දෙසින් / පැ.කි.මී. (35-45) , විටින් විට පැ.කි.මී. 55 දක්වා.
සෙසු මුහුදු ප්‍රදේශ : නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව / පැ.කි.මී. (30-40).
මුහුදේ ස්වභාවය:
EQ-08S, 80E-100E : තරමක් රළු සිට රළු, විටින් විටඉතා රළු දක්වා.
03S-10S, 70E-80E : තරමක් රළු සිට රළු
සෙසු මුහුදු ප්‍රදේශ : මඳ වශයෙන් රළු, විටින් විට තරමක් රළු.
**ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ
කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව.