blinking red light alert

ADVISORY

2023-12-01

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 33.0°C
Rathnapura
min temperature
Min. Temperature 12.6°C
Nuwara Eliya
max rain
Max. Rainfall 107.7mm
Mapalana (Matara )

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

ඉදිරිපැය 24 ට දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2023 දෙසැම්බර් මස 01 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව  වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය කිහිපය තුළ ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වාත්, ඉන්පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වනුඇතැයි  බලාපොරොත්තුවේ.

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය

අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:

පුත්තලම  සිට මන්නාරම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය,පොතුවිල්  සහ හම්බන්තොට හරහා  ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ.  දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. 

සුළඟ:

ගාල්ල සිට  කොළඹ,  පුත්තලම,  කන්කසන්තුරය  සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව  දක්වා  වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  සුළං ඊසාන හෝ උතුරු  දෙසින් හමාඑන අතර සුළං වේගය පැ.කි.මී.(30-40) පමණවේ. මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60 -70) දක්වා වැඩි විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය:

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු  විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.