ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2025 ජනවාරි මස 14 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදී.
වැසි තත්ත්වය: |
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
සුළඟ: |
සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යා හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා ඉහළ යා හැක. |
මුහුදේ ස්වභාවය: |
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. |