දේශගුණය
යම් ස්ථානයක දීර්ඝකාලයක් පුරා (එක් මාසයක සිට වර්ෂ මිලියන ගණනාවක් දක්වා, නමුත් සාමාන්‍යයෙන් වර්ෂ 30ක් දක්වා) වායුගෝලයේ පවත්නා තත්වය දේශගුණය ලෙස අර්ථනිරූපණය කෙරේ. දේශගුණය යනු වායුගෝලීය මූලද්‍රව්‍ය (සහ ඒවායේ වෙනස් වීම්වද) එනම් සූර්ය කිරණ, උෂ්ණත්වය, ආර්ද්‍රතාව. වලාකුළු, වර්ෂණය (ආකාරය, තීව්‍රතාව, ප්‍රමාණය) වායුගෝලීය පීඩනය සහ සුළං (වේගය සහ දිශාව) යන මේවායේ එකතුවකි.
නිවර්තන කලාපයේ උත්තර අක්ෂාංශ 50 55/ සිට 90 51/ දක්වා පරාසය අතර සහ නැගෙනහිර දේශාංශ 790 42/ ත් 810 53/ ත් අතර ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව දිවයිනේ දේශගුණය නිවර්තන කලාපික දේශගුණික ලක්ෂණවලින් යුක්ත වේ.
භූ ලක්ෂණ
දිවයිනේ දක්ෂිණ අර්ධයේ මධ්‍යම කොටස කි.මී. 2.5 ට වැඩි උසින් යුත් කඳු සහිත ප්‍රදේශයකි. මධ්‍යම උස්බිම් වල අභ්‍යන්තරය, වැටි, කඳු මුදුන්. සානු, නිම්න, මිටියාවත්, මොහොර වැනි සංකීර්ණ භූ ලක්ෂණ වලින් සමන්විතය. දිවයිනේ ඉතිරි ප්‍රදේශයට අයත් පහත් බිම් තැනින් තැන ඉස්මතු වී තිබෙන කුඩා කඳු ගැට හැරුණු විට සාමාන්‍යයෙන් තැනි බිමකි. විශේෂනේම මෝසම් සමයේ ව්‍යාප්ත වන සුළං රටා, කාලීන වර්ෂාපතන, උෂ්ණත්ව, සාපේක්ෂ ආර්ද්‍රතා සහ අනෙකුත් දේශගුණික තත්වයන්ට මෙම භූ ලක්ෂණ බෙහෙවින් බලපායි.
වර්ෂාපතනය
ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයට බහුවිධ සම්භවයක් ඇත. වාර්ෂික වර්ෂාපතනයෙන් බහුතරය මෝසම්, සංවහන, සුළිසුළං වැසි වලින් යුක්ත වේ. වාර්ෂික මධ්‍යන්‍ය වර්ෂාපතනය වඩාත් වියළි පෙදෙස් වල (ඊසාන දිග සහ ගිණිකොණදිග) මි.මී. 900 අඩු ප්‍රමාණයක සිට වඩාත් තෙත් පෙදෙස් වල (මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුම්) මි.මී. 5000 ට ඉහළ ප්‍රමාණයේ දක්වා වෙනස් වන විවිධි ප්‍රමාණවලින් යුක්ත වේ. (1 වන රූපය)
1 වන රූපය ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය
උෂ්ණත්වය
ශ්‍රී ලංකාවේ ඉහළ වායුගෝලීය උෂ්ණත්වයේ නිරික්ෂණය වන ප්‍රාදේශීය වෙනස්කම් වලට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ අක්ෂාංශ වල බලපෑමට වඩා උන්නතාංශයේ බලපෑමයි. කලින් කල හිරුගේ ගමනේ සිදුවන වෙනස්වීම් සහ වර්ෂාපතනය නිසා ඇති වූ සමහර නව වෙනස්කම් අනුව මාසික මධ්‍යන්‍ය උෂ්ණත්වය මද වශයෙන් වෙනස් වේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය සැලකීමේදී පහත් බිම් වල අතිශයින් එකසමාන උෂ්ණත්ව තත්වයන් ද උස්බිම් වල සීඝ්‍රයෙන් අඩු වන උෂ්ණත්ව තත්වයන් ද ප්‍රදර්ශනය කරයි. පහත් බිම් වල 27.5°C ක වාර්ෂික උෂ්ණත්වයක් සමග 100m සිට 150m උන්නතාංශයක් දක්වා 26.5°C සහ 28.5°C අතර වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය විචලනය වේ. උස්බිම් වල උන්නතාංශයේ වැඩිවීමත් සමග ඉතා ඉක්මනින් උෂ්ණත්වය පහල බසී. මුහුදු මට්ටමේ සිට 1800m ඉහලින් පිහිටි නුවරඑළියේ වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය 15.9°C කි. මාසික මධ්‍යන්‍ය උෂ්ණත්වයට අනුව වඩාත් ශීත මාසය සාමාන්‍යයෙන් ජනවාරි වන අතර වඩාත් උණුසුම් මාස අප්‍රේල් සහ අගෝස්තු වේ.
වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය වෙරලාසන්න පහත් බිම්වල 27°C සිට (මුහුදු මට්ටමේ සිට 1900m ක් ඉහළ) මධ්‍යම කඳුකරයේ නුවරඑළියේ 16°C ත් අතර විචලනය වේ. හිරු බබලන වෙරළ තීරයක් සහ දිවයින අභ්‍යන්තර වැසි වනාන්තර ලෙස පෙන්නුම් කරන මෙම අද්විතීය ලක්ෂණය සංචාරකයන්ට ආකර්ෂණයකි
මධ්‍ය වාර්ෂික උපරිම උෂ්ණත්වය මධ්‍ය වාර්ෂික අවම උෂ්ණත්වය මධ්‍ය වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය
දේශගුණික කාල පරිච්ඡේද
දිවයිනේ ඉහත සඳහන් භූ ලක්ෂණ සහ නිරිතදිග සහ ඊශාන දිග මෝසම්, ප්‍රාදේශීය මට්ටමේ සුළං ශ්‍රී ලංකාවේ දේශගුණයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ශ්‍රී ලංකාවට මාස 12 ඇතුළත බලපාන දේශගුණය පහත සඳහන් පරිදි දේශගුණික කාල පරිච්ඡේද 4 ක් පෙන්නුම් කරයි.
දේශගුණික විපර්යාසය අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය
දේශගුණික වෙනස්වීම් පිළිබඳ ගැටළු හඳුන්වාදීම සඳහා 1999 ජුනි 11 වන දින දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කොටසක් ලෙස දේශගුණික වෙනස්වීම් අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය.
යම් ස්ථානයක දීර්ඝකාලයක් පුරා (එක් මාසයක සිට වර්ෂ මිලියන ගණනාවක් දක්වා, නමුත් සාමාන්‍යයෙන් වර්ෂ 30ක් දක්වා) වායුගෝලයේ පවත්නා තත්වය දේශගුණය ලෙස අර්ථනිරූපණය කෙරේ. දේශගුණය යනු වායුගෝලීය මූලද්‍රව්‍ය (සහ ඒවායේ වෙනස් වීම්වද) එනම් සූර්ය කිරණ, උෂ්ණත්වය, ආර්ද්‍රතාව. වලාකුළු, වර්ෂණය (ආකාරය, තීව්‍රතාව, ප්‍රමාණය) වායුගෝලීය පීඩනය සහ සුළං (වේගය සහ දිශාව) යන මේවායේ එකතුවකි.
නිවර්තන කලාපයේ උත්තර අක්ෂාංශ 50 55/ සිට 90 51/ දක්වා පරාසය අතර සහ නැගෙනහිර දේශාංශ 790 42/ ත් 810 53/ ත් අතර ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව දිවයිනේ දේශගුණය නිවර්තන කලාපික දේශගුණික ලක්ෂණවලින් යුක්ත වේ.
භූ ලක්ෂණ
දිවයිනේ දක්ෂිණ අර්ධයේ මධ්‍යම කොටස කි.මී. 2.5 ට වැඩි උසින් යුත් කඳු සහිත ප්‍රදේශයකි. මධ්‍යම උස්බිම් වල අභ්‍යන්තරය, වැටි, කඳු මුදුන්. සානු, නිම්න, මිටියාවත්, මොහොර වැනි සංකීර්ණ භූ ලක්ෂණ වලින් සමන්විතය. දිවයිනේ ඉතිරි ප්‍රදේශයට අයත් පහත් බිම් තැනින් තැන ඉස්මතු වී තිබෙන කුඩා කඳු ගැට හැරුණු විට සාමාන්‍යයෙන් තැනි බිමකි. විශේෂනේම මෝසම් සමයේ ව්‍යාප්ත වන සුළං රටා, කාලීන වර්ෂාපතන, උෂ්ණත්ව, සාපේක්ෂ ආර්ද්‍රතා සහ අනෙකුත් දේශගුණික තත්වයන්ට මෙම භූ ලක්ෂණ බෙහෙවින් බලපායි.
වර්ෂාපතනය
ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයට බහුවිධ සම්භවයක් ඇත. වාර්ෂික වර්ෂාපතනයෙන් බහුතරය
මෝසම්, සංවහන, සුළිසුළං වැසි වලින් යුක්ත වේ. වාර්ෂික මධ්‍යන්‍ය වර්ෂාපතනය වඩාත් වියළි පෙදෙස් වල (ඊසාන දිග සහ ගිණිකොණදිග) මි.මී. 900 අඩු ප්‍රමාණයක සිට වඩාත් තෙත් පෙදෙස් වල (මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුම්) මි.මී. 5000 ට ඉහළ ප්‍රමාණයේ දක්වා වෙනස් වන විවිධි ප්‍රමාණවලින් යුක්ත වේ. (1 වන රූපය)
|
මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන ක්‍රියාකාරකම් පහත සඳහන් වේ.
දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ කටයුතු.
දේශගුණික විපර්යාස සමීක්ෂණය කිරීම.
දේශගුණික විපර්යාස ආශ්‍රිත ගැටළු පිළිබඳ දැනුවත් කිරීම.
තොරතුරු එක්රැස් කිරීම හා බෙදා හැරීම.
දේශගුණික විපර්යාස පිළිබඳ ආදර්ශ ක්‍රියාවේ යෙදවීම.
ලේඛන සම්පාදන සේවා.
අදාළ ජාත්‍යන්තර නියෝජිත ආයතන සමග සම්බන්ධතා ඇති කර ගැනීම.
දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශන වලට සහය වීම.
දැනට මෙම මධ්‍යස්ථානය කාලගුණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ ම පිහිටුවා ඇති අතර එහි ක්‍රියාකාරකම් විවිධ ක්ෂේත්‍රයන් ගෙන් තෝරාගත් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරුන්ගෙන් සමන්විත තාක්ෂණික උපදේශන කමිටුවක මග පෙන්වීම යටතේ සිදු කරනු ලබයි.
වැඩිදුර තොරතුරු
දේශගුණික විපර්යාස අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,
385, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
දුරකථන : +94 11 2676259
ෆැක්ස් : +94 11 2676259