blinking red light alert

ADVISORY

2025-01-12

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 31.1°C
Rathmalana
min temperature
Min. Temperature 14.7°C
Nuwara Eliya
max rain
Max. Rainfall 145.5mm
Lahugala (Ampara - AWS)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

අපගේ දැක්ම

කාලගුණය හා දේශගුණය පිළිබඳ සේවාවන් සඳහා බුද්ධි විශිෂ්ටතම මධ්‍යස්ථානයක් වශයෙන් පැවතීම.

අපගේ මෙහෙවර

ජාතික ශුභසිද්ධියට හා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වෙමින් රාජ්‍ය ආයතන වලට සහ පෞද්ගලික අංශයේ ආයතන වලට සහ මහජනයාට කාලගුණ විද්‍යාව, ගුවන් කාලගුණ විද්‍යාව, සමුද්‍ර කාලගුණ විද්‍යාව, ජල කාලගුණ විද්‍යාව. කෘෂි කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව, තාරකා විද්‍යාව පිළිබඳ සේවාවන් සැපයීම.

අපගේ පරමාර්ථ

  • දෙපාර්තමේන්තුවේ පරමාර්ථ වන්නේ,
  • ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රමිතීන්ට (WMO) අනුකූල කාලගුණික පරාමිතීන් නිරීක්ෂණය කොට ඒවා එක්රැස් කිරීම සහ දේශගුණ විද්‍යාත්මක දත්ත සමුදායක් පවත්වාගෙන යාම.
  • ජාතික බලාධිකාරිය ලෙස කාලගුන හා දේශගුණ විද්‍යා සේවා සැපයීම.
  • කාලගුණය හා සම්බන්ධ සිදුවීම් හා සුනාමි පිළිබඳ කල් ඇතිව දැනුම් දීම සහ උපදෙස් දීම.
  • ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානයට (WMO) සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO)පනවා ඇති තාක්ෂණික රෙගුලාසිවලට අනුකූලව ජාතික සහ ජාත්‍යන්තර ගුවන් සේවාවන්ට කාලගුණ විද්‍යාත්මක සේවා සැපයීම.
  • කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව, දේශගුණික වෙනස්වීම් සහ ඒ ආශ්‍රිත විෂයන් පිළිබඳ අධ්‍යයන පර්යේෂණ සඳහා උනන්දු කරවීම සහ එම තේමාවන්ට අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා ඒවාට දායක වීම.
  • සීමිත තාරකාවිද්‍යා සේවා සහ භෞමික චුම්බකත්ව ආශ්‍රිත සේවා සැපයීම.

 

දෙපාර්තමේන්තුවෙන් සැපයෙන සේවා

  • මහජනතාවට සහ කෘෂිකාර්මික. බලශක්ති, ධීවර, නාවික. රක්ෂණ සහ උනන්දුවක් දක්වන අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහා කාලගුණ විද්‍යාත්මක සහ දේශගුණ විද්‍යාත්මක සේවා සැපයීම.
  • අයහපත් කාලගුණ තත්වයන් ද (සුලිසුළං, තද වැසි, අකුණු ගැසීම්, තද සුළං ඇතුළුව) සහ සුනාමි පිළිබඳව ද දැනුවත් කිරීම් සහ උපදෙස් ලබාදීම.
  • ගුවන් සේවාවන්ට අදාළ කාලගුණ විද්‍යා සේවා සැපයීම.
  • දේශගුණ විද්‍යාත්මක දත්ත පාදක පවත්වාගෙන යාම.
  • ජාතික සංවර්ධනයට සහ පර්යේෂණ කටයුතු සඳහා කාලගුණ විද්‍යාත්මක, දේශගුණ විද්‍යාත්මක සේවා සහ දත්ත සැපයීම.
  • කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව, දේශගුණික වෙනස්කම් සහ ආශ්‍රිත විෂයන් පිළිබඳ අධ්‍යයන සහ පර්යේෂණ වලට උනන්දු කරවීම.
  • කාලගුණය, දේශගුණය සහ දේශගුණික වෙනස්කම් යන තේමාවන්ට අදාළ ක්ෂේත්‍රයන්හි මහජනතාව දැනුවත් කිරීමේ වැසටහන් සංවිධානය කිරීම සහ ඒවාට දායක වීම.
  • පාසල් සිසුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ තීරණ ගන්නන් ඇතුළත් උනන්දුව දක්වන කණ්ඩායම් සඳහා නියම කරන ලද තේමාවන්ට අදාළ ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනික, පුහුණු වැඩසටහන් සහ වැඩමුළු සංවිධානය කිරීම සහ ඒවාට දායක වීම.
  • ප්‍රදර්ශන භාණ්ඩ සහ සම්පත් දායකයින් සැපයීමෙන් ප්‍රදර්ශන සඳහා දායක වීම.
  • ඉල්ලීම් මත විශේෂිත කාලගුණ විද්‍යාත්මක සහ දේශගුණ විද්‍යාත්මක සේවා සැපයීම.
  • සීමිත තාරකා විද්‍යාත්මක (හිරු, සඳු, ග්‍රහලෝක සහ උදම්) සහ භෞමික චුම්බකත්වය ආශ්‍ර්‍රිත සේවා සැපයීම.