blinking red light alert

ADVISORY

2025-01-12

කාලගුණ අනාවැකි

  1. මහජනයා සඳහා අනාවැකි
  2. මුහුදු ප්‍රදේශ සදහා අනාවැකි
  3. නගර පිළිබඳ අනාවැකි
  4. ඉදිරි දින 9 අනාවැකිය
  5. සතිපතා කාලගුණය

2025 ජනවාරි මස 13 දිනය සඳහා කාලගුණ අනාවැකිය

2025 ජනවාරි මස 12 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදී.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව  පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැක. 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 ට දිවයින වටා වනමුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2025 ජනවාරි මස 12 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදී.

වැසි තත්ත්වය:

මඩකලපුව සිට පොතුවිල් හරහා  හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.   දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවිය හැක.

සුළඟ:

සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා  සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා  වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැක.  දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය:                              

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා  සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා  වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ  විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2025 ජනවාරි මස 12 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව  පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැක. 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2025-01-13
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 30 24 95 75 විටින් විට වැසි
මඩකලපුව 28 24 95 85 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 29 24 90 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල 30 25 90 75 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 29 24 95 70 විටින් විට වැසි
මහනුවර 26 21 95 75 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 18 15 95 85 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 29 23 90 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 29 23 95 80 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 29 25 90 75 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

 

 

 

 

Weekly Rainfall Forecast - 2025

 


Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 31.1°C
Rathmalana
min temperature
Min. Temperature 14.7°C
Nuwara Eliya
max rain
Max. Rainfall 145.5mm
Lahugala (Ampara - AWS)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

QUICK LINKS

WEATHER FORECAST

weather forecast

WEATHER MAP

weathermap

SRI LANKA CLIMATE

srilanka climate

AGRO BULLETIN

srilanka agro weather