බහුදින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

Satellite Images

 


Courtesy of Himawari Satellite

Last 24 hours

max temperature
Max. Temperature 37.3°C
Pottuvil
min temperature
Min. Temperature 15.4°C
Nuwara Eliya
max rain
Max. Rainfall 38.9mm
Moraliya Oya (Kegalle)

Find us on

 

 

 

Online Service

Providing Meteorological data and information online

(metdpa@meteo.gov.lk)

Weather and Climate Data

 

 

බහු දින යාත්‍රා සඳහා කාලගුණ අනාවැකිය

උතුරු අක්ෂාංශ 20 ත් දකුණු අක්ෂාංශ 10 ත් සහ නැගෙනහිර දේශාංශ 60 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශ සඳහා

(2024 ජූලි මස 02 දින පෙ.. 07.00 ට ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලදි.)

 

දිවයින වටා  වන මුහුදු ප්‍රදේශ

 

වැසි තත්ත්වය:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං  නිරිත දිශාවෙන් හමා එයි.

ත්‍රිකුණාමලය  සිට මුලතිව්, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශවල  සුළගේ වේගය  පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක. 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

මුහුදේ ස්වභාවය:

ත්‍රිකුණාමලය  සිට මුලතිව්, කන්කසන්තුරය සහ මන්නාරම  හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වේ.

 

 

 

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය

කාලගුණික තත්ත්වය:  

10N - 20N, 80E-100E          : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

05N - 10N, 80E-95E           : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ - 02N, 85E-95E            : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ                   : ප්‍රධාන වශයෙන් වැසි රහිත

සුළං තත්ත්වය:

15N - 20N, 85E-95E            : නිරිත දෙසින් /පැ.කි.මී. (40-50); විටින් විට පැ.කි.මී. (60-65) දක්වා.

05N - 15N, 80E-100E          : නිරිත දෙසින් /පැ.කි.මී. (25-35); විටින් විට පැ.කි.මී. 50 දක්වා.

සෙසු මුහුදු ප්‍රදේශ                    : නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව   /පැ.කි.මී. (20-30).

 

මුහුදේ ස්වභාවය:‍

15N - 20N, 85E-95E            : රළු, විටින් විට ඉතා රළු.

05N - 15N, 80E-100E          : මඳ  වශයෙන් රළු සිට තරමක් රළු දක්වා.

සෙසු මුහුදු ප්‍රදේශ                    : සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා.

 

 

 

අරාබි මුහුද

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 09 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 70 ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං (පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

කාලගුණික තත්ත්වය:

05N - 20N, 70E-80E           : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ - 10N, 60E-70E            : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.                 

සෙසු මුහුදු ප්‍රදේශ                   : ප්‍රධාන වශයෙන් වැසි රහිත

සුළං තත්ත්වය:

10N - 20N, 60E-70E            : නිරිත දෙසින් /පැ.කි.මී. (50-60); විටින් විට පැ.කි.මී. (70-80) දක්වා.

10N - 20N, 70E-75E           : නිරිත දෙසින් /පැ.කි.මී. (40-50); විටින් විට පැ.කි.මී. (60-65) දක්වා.

05N - 10N, 60E-80E            : නිරිත සිට බස්නාහිර දක්වා වන දිශාවලින් /පැ.කි.මී. (30-40); විටින් විට පැ.කි.මී. 50 දක්වා.

සෙසු මුහුදු ප්‍රදේශ                   : නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව   /පැ.කි.මී. (15-25).

මුහුදේ ස්වභාවය:

10N - 20N, 60E-75E            : රළු සිට ඉතා රළු දක්වා.

05N - 10N, 60E-80E            : තරමක් රළු සිට රළු දක්වා.

සෙසු මුහුදු ප්‍රදේශ                   : සාමාන්‍ය ස්වභාවයේ

        

 

 

 

දකුණු ඉන්දියානු සාගරය

කාලගුණික තත්ත්වය

05S -10S, 60E-80E             : බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

EQ -08S, 80E-95E              : තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

සෙසු මුහුදු ප්‍රදේශ                    : ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි.                  

සුළං තත්ත්වය:

05S -10S, 60E-100E          : ගිණිකොන දෙසින් / පැ.කි.මී. (30-40); විටින් විට පැ.කි.මී. 50 දක්වා.

සෙසු මුහුදු ප්‍රදේශ                   : ගිණිකොන දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව  /පැ.කි.මී. (15-25) දක්වා.

මුහුදේ ස්වභාවය:  

 

05S -10S, 60E-100E         : මඳ  වශයෙන් රළු සිට තරමක් රළු දක්වා.

සෙසු මුහුදු ප්‍රදේශ                    : සාමාන්‍ය ස්වභාවයේ

 

 **ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.